ඔස්ටේ්‍රලියාවට එන්න කලින් දසුන් රහසක් හෙළිකරයි

එළඹෙන පන්දුවාර 20 ලෝක කුසාලනාය වෙනුවෙන් පන්දු යැවීමේ බලය වැඩිකර ගැනීමට අවධානය යොමු කළ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

තරගයකදී පන්දුවෙන් කල හැකි විවිධ වෙනස්කම් පිළිබඳ පුහුණු සැසිවලදී පුහුණු වූ බවයි ඔහු කියාසිටියේ.

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති 02 ක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී දසුන් ශානක කියාසිටියේ ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර මේ වනවිට කණ්ඩායම සමග එක්ව සිටින බවයි.

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව සහභාගීවෙන පළමු තරගය නැමීබියාව සමග පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඔස්ටේ්‍රලියාවේදි ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට ද එක්වෙනු ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ද ඔස්ටේ්‍රලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියාසිටියා.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »