ඔප්ටස් පාරිභෝගිකයන්ට ෆෙඩරල් පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

පුද්ගලික දත්ත සොරා ගැනීම හමුවේ නව විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමට සිදුවන ඔස්ටේ්‍රලියානුවන්ට ඒ සඳහා වන වියදම දැරීමට ඔප්ටස් සමාගම එකග වි තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් – විදේශ ඇමතිනී පෙනී වොංග් මෙන්ම සයිබර් ආරක්ෂණ ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී අවධාරණය කලේ නව ගමන් බලපත්‍රයේ වියදම ඔප්ටස් සමාගම විසින් දැරිය යුතු බවයි.

මේ අතර ඔප්ටස් සයිබර් ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය (AFP) අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තොරතුරු හෙළි කලා.

Operation Guardian ලෙස නම් කර ඇති මෙම විමර්ශනයේ මූලික අරමුණ ප්‍රධාන සැකකරු හඳුනාගැනීමත් – දත්ත සොරාගැනීමට ලක්වූ ඔප්ටස් පාරිභෝගිකයන් 10,000 කට ආසන්න පිරිසකගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමත් බවයි එහිදී සඳහන් කෙරුණේ.

සොරාගත් දත්ත යොදාගනිමින් මූල්‍ය අපරාධ සිදුකිරීම වැලැක්වීම – එම දත්ත අලෙවිය වැළැක්වීම වැනි පියවරද ඊට අන්තර්ගතයි.

කෙසේවෙතත් මෙම විමර්ශනයට දීර්ඝ කාලයක් ගතවිය හැකි බවද ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය මෙහිදී සඳහන් කලා.

මේ අතර ඔප්ටස් සමාගමෙන් බවට පැමිණෙන කෙටි පණිවිඩ හෝ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයිද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

සැකකටයුතු කිසිදු link එකක් click කිරීමෙන් වළකින ලෙසත් ඔප්ටස් පාරිභෝගිකයන්ට උපදෙස් දෙනු ලැබුවා.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »