ආනයන සීමා ලැයිස්තුව 708 ට බහී

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි හෝ අත්‍යාවශ්‍ය නොවන පදනම මත අදාළ භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බවයි.

සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේ අද (29) පස්වරුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

එහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

“ණය සංචිත ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. ජනතාවට අත්‍යාවශ්‍ය ගෑස් තෙල් සෞඛ්ය සහ ඖෂධ ආනයනය සඳහා මුදල් අවශ්‍යයි. ඒ නිසා අපිට අවශ්‍ය වුණා ප්‍රමුඛතා ලේඛනයක් හදන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය මගින් තමයි මේක නිර්දේශ කළේ. ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඇත්තටම ඉතාම අවශ්‍ය නොවන දේවල් කියනවා ආනයනය කරන. අපි දැහැටි කූරු ආනයනය කළා, සරුංගල් ආනයනය කළා. බෙහෙත් නැති රටේ අපි විදේශවලින් සරුංගල් ගෙනාවා. අගෝස්තු මාසෙ 23 නිකුත් කළා ගැසට් නිවේදනයෙන් අපි භාණ්ඩ 1465ක් නවත්වනකොට මේවා අපිට නවත්වන්න සිද්ධ වුණා. පසුව වාණිජ මණ්ඩල ඇතුළු විවිධ පාර්ශ්වවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් භාණ්ඩ 708ක ආනයන සීමා ඉවත් කළා” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

ආනයන සීමා කරන අතරතුර ආනයනය වැඩි කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

“අපි අපනයන වැඩි කරලා ආනයන සීමා කළ යුතුයි. ඩොලර් හිඟය සමඟ තමයි මෙම තහනම ඇතිකළේ. නැවත වරක් සලකා බලලා අපි මේවා ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. කර්මාන්තය අංශයට අවශ්‍ය කරන ඒවා නිදහස් කරලා තියෙනවා. කෘෂිකර්ම සහ අපනයන අවශ්‍යතාවක් නිසා රට පැත්තෙන් හිතලා කමිටුවක් මඟින් කරන ආකාරයට තමයි මේවා ලිහිල් කිරීම් කටයුතු සිද්ධ වෙන්නේ. මීට අමතරව අපි දෘශ්‍යාබාධිත උපකරණ සඳහා පනවා තිබූ සීමා කිරීම් ද ඉවත් කිරීමට කටයුතු කළා ”යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

ඉදිරිපත් වන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී තව දුරටත් ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සංචිත ආරක්ෂා කර ගැනීම සේම දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට හැකි වන පරිදි ආනයන සීමා ලිහිල් කිරීමට ද රජයේ අපේක්ෂාව බවයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »