ලාංකිකයන්ගේ වාහන සිහිනය යළි සැබෑවන හැඩ

VEHICLE

වාහනවලට ඇති ඉල්ලුම අධික ලෙස පහළ බැසීමත් සමඟ වෙළෙඳපොලේ වාහන මිල ගණන් සීඝ්‍රයෙන් පහළබසිමින් තිබෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ මිල අධික වාහන අලෙවි කිරීමට හෝ නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතව ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ .

“රටේ හැම වෙළෙඳාමකටම ඉල්ලුම සැපයුම බලපානවා. ඒ තත්ත්වය මත මිනිසුන්ට දරාගැනීමට නොහැකිවීම මත ඉල්ලුම අඩුවෙලා තියෙනවා. ඒ නිසා වාහන මිල සීඝ්‍ර ලෙස පහළ බැහැලා තියෙනවා, දැනට ලක්ෂ 30ට අඩු වාහන මිල අඩුවෙලා නෑ මොකද ඒවා තාම කෙනෙක්ට තමුන්ගේ තියෙන මුදල්වලින් ගැනීමේ හැකියාව තියෙනවා, ඒ වාහන දැනට වෙළෙඳපොළේ විකිණෙනවා සහ ඒ මිල ගණන් යමිකිසි ස්ථාවරත්වයක තියෙනවා. ලක්ෂ 30ත් 50ත් 60ත් අතර වාහන යම්කිසි ප්‍රමාණයක් විකිණෙනවා. ලක්ෂ 100ට වඩා වැඩි වාහන විකුණාගැනීමට නොහැකි තත්ත්වයකට පත්වෙලා තියෙනවා.”

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »