වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට $ 125 ක තෑග්ගක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ආහාර පාන සහ විනෝදාස්වාද වැඩසටහන (Dining and Entertainment) යළිත් ආරම්භ කර තිබෙනවා.

මේ යටතේ එක් පුද්ගලයෙකුට ආහාර පාන සහ විනෝදාස්වාදය සඳහා තමන් ගෙවූ බිල්පත්වලින් ඩොලර් 125 ක් දක්වා නැවත ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇති.

මුදල් ආපසු ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට නම් අදාළ ව්‍යාපාරයේ නම, මිලදී ගත් දිනය, මිලදී ගත් ද්‍රව්‍ය සහ ගණුදෙනු එකතුව ඇතුළත් රිසිට්පතක් එම වෙළෙඳ සලෙන් ලබා ගත යුතුයි.

ඩොලර් 40 ට වැඩි ඕනෑම මිළදී ගැනීමක් මීට වලංගු වන අතර එක් පුද්ගලයෙකුට ඩොලර් 125 ක් දක්වා උපරිම මුදලක් නැවත ලබාගත හැකියි.

ඒ සඳහා ඩොලර් 40 ට වැඩි බිල්පත් අවස්ථා කිහිපයකදී වුවද ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතිනවා.

එමෙන්ම තනි මිලදී ගැනීමකදී ඩොලර් 500 ක් හෝ ඊට වැඩි වියදමක් සිදු කරන්නේ නම්, එක් බිල්පතක් යොමු කිරීමෙන් ඩොලර් 125 ක මුදල එකවර ආපසු ලබා ගත හැකියි.

මෙම වැඩසටහනට වෙන්කරන ලද සියලූම අරමුදල් අවසන් වනතුරු හෝ ලබන දෙසැම්බර් 16 වන දින මධ්‍යම රාත්‍රී දක්වා මෙම වරප්‍රසාදය ලබා දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය කටයුතු යොදා තිබෙනවා.

සුපිරි වෙළඳසැල්, එළවලූ හා පලතුරු වෙළෙඳ සැල්, සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම් ස්ථාන, රසකැවිලි වෙළඳසැල් සහ ඇසුරුම් කළ ආහාර වෙළඳසැල් වලින් මිලදී ගන්නා ආහාර සඳහා මෙලෙස ආපසු මුදල් ලබාගත හැකි වන්නේ නැහැ.

එමෙන්ම විනෝදාස්වාදය යටතේ කැසිනෝ සහ සූදු ක්‍රීඩා ස්ථාන සඳහා වැය කරන මුදල් වෙනුවෙන්ද මෙලෙස ආපසු මුදල් අයදුම් කල නොහැකිවනු ඇති.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »