අගමැති ඇල්බනීස්ගෙන් රැජිණට මල් කළඹක්

අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් දෙවන එළිසබෙත් මහ රැජිණ වෙනුවෙන් මල් කළඹක් තැන්පත් කර තිබෙනවා.

ඒ ලන්ඩන් නුවර බකිංහැම් මාළිගය අභියසදීයි.

සමස්ත ඔස්ටේ්‍රලියානුවන්ගේ ශෝකය දැක්වෙන කාඩ්පතක් සහ ඔස්ටේ්‍රලියා ජාතික ධජයද අගමැතිවරයා විසින් තබන ලද මල් කළඹට අන්තර්ගතයි.

අද පස්වරුවේ බකිංහැම් මාළිගයේදී චාල්ස් රජු මුණගැසී ශෝකය පලකිරීමටද අගමැති ඇල්බනීස් සූදානමින් පසුවනවා.

එමෙන්ම බ්‍රිතාන්‍ය නව අගමැතිනී ලිස් ට්‍රස් හමුවීමද අගමැති ඇල්බනීස් ගේ අද කාලසටහනට ඇතුළත්.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »