ලබන 22 වනදා සැත්කම් රැසක් අවිනිශ්චිත තත්වයක

ලබන 22 වනදා ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රෝහල්වල සැත්කම් රැසක් සිදුකිරීම අවිනිශ්චිත තත්වයකට පත්වී තිබෙනවා.

Elective සැත්කම් මෙන්ම බාහිර රෝගී වෙන්කරවා ගැනීම් රැසක් මේ අතර වන බව සඳහන්.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය කිසිදු සැත්කමක් කල් නොදැමිය යුතු බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිනිය අවධාරණය කර සිටින්නේ.

හදිසියේ ප්‍රකාශයට පත් කල නිවාඩුව හමුවේ රජයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් මේ දක්වා නිසි පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවටයි චෝදනා එල්ලවන්නේ.

ඇතැම් වෛද්‍ය සායන සඳහා එදිනට 150 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇති අවස්ථාද පවතිනවා.

ඔවුන්ට අදාළ ප්‍රතිකාර කටයුතු එදිනම සිදුකරන්නේද කල් දමන්නේද යන්න පවා මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නැහැ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »