උකස් ණය ගත් ඔස්ටේ්‍රලියානුවන්ට තවත් නරක ආරංචියක්

දෙසැම්බර් අග වනවිට ඔස්ටේ්‍රලියානුවන් විසින් ගෙවීමට ඉතිරිව පවතින උකස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 158 ක් පමණ වන බවට තක්සේරු කර තිබෙනවා.

මෑතකාලීන පොළී අනුපාත ඉහළ දැමීම් හරහා ගෙවීමට පවතින ණය ප්‍රමාණයද ඉහළ අගයක් ගැනීමයි ඊට හේතුව වන්නේ.

පසුගිය වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී ලබාගත් උකස් ණය අතුරින් බහුතරයක් ස්ථිර පොළී (fixed rate) අනුපාත යටතේ ලබාගත් ඒවා වන අතර එම අගයන් ලබන දෙසැම්බරයෙන් පසු වෙනස්වීමද ප්‍රධාන හේතුවක් වි තිබෙනවා.

ඔස්ටේ්‍රලියානුවන් විසින් ගෙන ඇති උකස් ණයෙහි මාසික වාරික වැඩිවීමේ සාමාන්‍යය ඩොලර් 641 ක් බවටයි දැනට ගණන් බලා ඇත්තේ.

මෙය බොහෝ උකස් ණය ලාභීන්ට බරපතල ගැටලුවක් වනු ඇති බවටත් අනතුරු ඇගවෙනවා.

 

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »