09/11 ප්‍රහාරයට අදට වසර 21 යි

අමෙරිකාවේ වොෂින්ටන් – නිව්යෝර්ක් දෙනුවරට එල්ලවූ ප්‍රහාරයට අදට වසර 21 ක් සපිරෙනවා.

2001 වසරේ සැප්තැම්බර් 11 වනදා අමෙරිකාවේ වේලාවෙන් පෙරවරු 08 යි 46 ටයි නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුණට පළමු ගුවන් යානය කඩා වැදුණේ.

ඉන් විනාඩි කිහිපයකට පසු දකුණු කුලුණටද ත්‍රස්තවාදීන් විසින් පැහැරගනු ලැබූ ගුවන් යානයක් කඩා වැදීමට සලස්වනු ලැබුවා.

වොෂින්ටන් නුවර පෙන්ටගන් ගොඩනැගිල්ලට 03 වන ගුවන් යානය පතිත වූයේ අමෙරිකාවේ වේලාවෙන් පෙරවරු 09 යි 37 ටයි.

පැහැර ගැනීමට ලක්වු 04 වන ගුවන් යානය එදින පෙරවරු 10 යි 03 ට පමණ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ වගාබිමකට කඩා වැටී තිබූ අතර එහි ඉලක්කය බොහෝ දුරට ධවල මන්දිරය හෝ කැපිටල් ගොඩනැගිල්ල විය හැකිව තිබූ බවටයි පසුව අනාවරණ වී තිබුණේ.

මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් සිවිල් වැසියන් 2977 දෙනෙකු සහ ප්‍රහාරයේ වගකීම භාරගත් අල්කයිඩා සංවිධානයේ සාමාජිකයන් 19 දෙනෙකු මරණයට පත්වුණා.

අමෙරිකාව විසින් සැගව සිටින ත්‍රස්තවාදීන් ඉලක්ක කර ඇෆ්ඝනිස්ථානය තුළ යුධ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේද සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අනතුරුවයි.

කෙසේවෙතත් එම මෙහෙයුම් වසර 20 කට පසු පසුගිය වසරේ නිමාවට පත් කෙරුණා.

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »