ගෝල්ඩ් කෝස්ට් roller-coaster අනතුරකින් 04 දෙනකු සිරවෙයි

ගෝල්ඩ් කෝස්ට් නගරයේ theme park එකක roller-coaster යක් ක්‍රියාවිරහිත වී පුද්ගලයන් 04 දෙනකු එතුළ සිරවී තිබෙනවා.

ඔවුන් මීටර් 10 ක් පමණ ඉහළින් සිරවී සිටි බව සඳහන්.

ගෝල්ඩ් කෝස්ට් හි Movie World හිදී මෙම අනතුර අද පස්වරු 03.30 ට පමණ වාර්තා වී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ගිනි නිවීම් භටයන් විසින් පැයකට වැඩි කාලයක් පුරා අදාළ පිරිස ගලවා ගැනීමට උත්සාහ දරමින් සිටින බවටයි තොරතුරු පවතින්නේ.

මීට හේතුව තාක්ෂණික දෝෂයක් හමුවේ roller-coaster උපකරණය හදිසියේ ක්‍රියාවිරහිතවීම බව සඳහන්.

කෙසේවෙතත් කිසිදු අයෙකුට තුවාල සිදුවිමක් සිදුව නොමැති බවද තහවුරු වී තිබෙනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »