NSW හෙදියන් පැය 24 ක වර්ජනයක – ඇතැම් ශෛල්‍යකර්මවල ප්‍රමාදයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් දහස් සංඛ්‍යාත පිරිසක් පැය 24 ක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් සිඩ්නි නගරයේ ස්ථාන කිහිපයක විරෝධතාවලද නිරත වූ බව සඳහන්.

වැටුප් විෂමතා ඉවත් කිරීම සහ පැවරී ඇති අධික රාජකාරි ලිහිල් කරන ලෙස ඉල්ලමිනුයි මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රවාහන සේවකයන් ඊයේ දිනයේදී දැවැන්ත වැඩ වර්ජනයක් පැවැත්වූ වාතාවරණයකදීයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් මෙම වර්ජනය සංවිධාන කර ඇත්තේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතැම් ශෛල්‍ය කර්ම ප්‍රමාද විය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »