විදුලි කප්පාදු ගැන වික්ටෝරියානුවන්ට රතු එළියක්

ඉදිරි කාල වකවානුවලදී ඔස්ටේ්‍රලියානුවන්ට අනපේක්ෂිත ලෙස විදුලි කප්පාදුවලට මුහුණදීමට සිදුවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ගල් අගුරු ජනන යන්ත්‍ර අක්‍රීය කිරීම සහ ඉල්ලුම ඉහළයාම ඊට ප්‍රධාන හේතුවයි.

මෙහි වැඩිම බලපෑම එල්ලවනු ඇතැයි අනතුරු ඇගවෙන්නේ දකුණු ඔස්ටේ්‍රලියා සහ වික්ටෝරියා ප්‍රාන්තවලට බවයි පැවසෙන්නේ.

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය සිය විදුලි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරා ගැනීමට සැළසුම් කර ඇත්තේ සුළං බලය සහ සූර්ය ශක්තිය උපයෝගී කරගනිමිනුයි.

කෙසේවෙතත් ලබන වසරේ අග භාගය වනවිට ඔවුන්ද, 2024 අවසානය වනවිට වික්ටෝරියා ප්‍රාන්තයද දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

රුසියා – යුක්රේන අර්බුදය ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ බලශක්ති ගාස්තු මේ වනවිට කැපී පෙනෙන අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »