ඔස්ටේ්‍රලියා රැකියා සහ නිපුණතා සමුලුව අද සහ හෙට

පුහුණූ ශ්‍රමික ගැටලූව විසඳාලීමේ අරමුණ ඇතිව ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජය විසින් මෙහෙයවන රැකියා සහ නිපුණතා සමුලුව අද සහ හෙට කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා.

සියලූම ප්‍රාන්ත අගමැතිවරුන් මීට සහභාගීවීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාවේ ජාතික නිපුණතා සතියට සමගාමීව පැවැත්වෙන මෙම රැකියා සමුලුවේදී පුහුණු ශ්‍රමික හිගය ඇතුලු කරුණු රැසක් පිළිබඳ තීරණ ගැනීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාවේ වාර්ෂික සංක්‍රමණ කෝටාව 160,000 සිට 200,000 දක්වා වැඩි කල යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

අද සහ හෙට කැන්බරා නුවරදී පැවැත්වීමට නියමිත රැකියා සහ නිපුණතා සමුළුවේදී ඒ පිළිබඳ තීන්දු තීරණ රැසක් ගැනෙනු ඇති බවටද වාර්තා පළවනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් පසුගියදා කියාසිටියේ ඔස්ටේ්‍රලියාවට නිපුණතා ශ්‍රමිකයන් විශාල වශයෙන් අවශ්‍ය කාලසීමාවක් උදාවී ඇති බවයි.

පැවති ලිබරල් සන්ධාන රජය විසින් නොසළකා හැරි පුහුණු ශ්‍රමික ගැටලූව විසඳීමට වත්මන් ෆෙඩරල් රජය දැනටමත් පියවර ගෙන ඇති බවයි ඔහු සඳහන් කලේ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »