අවුරුදු 13 ඉක්මවූවන්ට රැකියා දෙන්නැයි ඔස්ටේ්‍රලියානු ව්‍යාපාර හිමියන්ගෙන් ඉල්ලීමක්

ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 13 ඉක්මවූ ළමුන්ට පවා රැකියාවල නිරතවීමට අවසර හිමිවන පරිදි නීති සංශෝධනය කරන්නැයි ව්‍යාපාර හිමියන් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සේවක හිගය මග හරවාලීමේ අරමුණ ඇතිව එම ඉල්ලීම සිදුකරන බවයි ඔස්ටේ්‍රලියානු සිල්ලර වෙළඳසැල් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ.

මේ අනුව දැනට එක් එක් ප්‍රාන්තය විසින් බලාත්මක කර ඇති ළමා මෙහෙකාර නීති සංශෝධනය කර මුලු රටටම බලපාන පරිදි තනි නීතියක් ක්‍රියාවට නංවන ලෙසද ඔවුන් ඉල්ලීමක් සිදුකරනවා.

අවුරුදු 13 ත් 15 ත් අතර ළමුන්ට පාසල් නොමැති දිනවල හෝ පාසල් වේලාවෙන් පසු අර්ධ කාලීන රැකියාවක් ලෙස මෙලෙස රැකියාවක නිරතවිය හැකි බවයි ව්‍යාපාර හිමියන් පෙන්වා දෙන්නේ.

දැනට ඔස්ටේ්‍රලියාව පුරා සිල්ලර වෙළඳසැල් ආශ්‍රිතව රැකියා 40,000 ක් පමණ පවතින බව සඳහන්.

අද සහ හෙට කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන රැකියා සහ නිපුණතා සමුලුවේදී මෙම යෝජනාව සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »