VIC – NSW අගමැතිවරුන් ඓතිහාසික ගිවිසුමක

ප්‍රාන්ත දෙකෙහි සෞඛ්‍ය සේවා නංවාලීමට අදාළව වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරුන් විසින් තීරණාත්මක ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ යටතේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන 25 ක් බැගින් ප්‍රාන්ත දෙකෙහිම පිහිටුවීමට නියමිතයි.

රෝහල් හදිසි ප්‍රතිකාර අංශ සඳහා අනෙක් ප්‍රාන්තයට අනුයුක්ත වෛද්‍යවරුන් පවා ගෙන්වා ගත හැකිවීම මෙහි ඇති ප්‍රධාන විශේෂත්වයක් වනවා.

Medicare කාඩ්පතක් නොමැති පුද්ගලයන්ට පවා මෙම සෞඛ්‍ය පහසුකම් ලබා ගත හැකි වීම ප්‍රධාන කරුණු අතරට අයත්.

වැඩිපුර පැය ගණනක් මෙම නව ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘත කර ඇත්තේද සෞඛ්‍ය පද්ධතියේ ඇති පීඩනය අවම කිරීම සඳහායි.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙම නව ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට යෝජනා වී ඇත්තේ පහත ස්ථානවලයි.

Frankston Hospital, Bendigo Hospital, Casey Hospital, Albury Wodonga Health, Austin Hospital, Alfred Hospital, Dandenong Hospital, Latrobe Regional Hospital, Werribee Mercy Hospital and Box Hill Hospital.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »