Breaking: නිදහස ලැබූ රංජන් වැලිකඩින් එළියට

කොන්දේසි සහිතව ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මීට ටික වේලාවකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස ලැබුවා.

ඔහුට අද සවස අලුත් පත්වීමක් ලැබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) අත්සන් තැබීය.

මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත.

2017 අගෝස්තු 21වනදා අරලියගහ මන්දිරයෙන් පිටත සිදුකළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි.

රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයදීම ඊයේ (25) සිදු කළේය.

තමන් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ  සියලුදෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත්  සඳහන් කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »