Breaking: මොරිසන් වැරදි වැඩක් කර නෑ – සොලිසිටර් ජනරාල් දන්වයි

ඇමති ධුර 05 ක දිවුරුම්දී කටයුතු කිරිමේදී හිටපු අගමැති ස්කොට් මොරිසන් කටයුතු කර ඇත්තේ නීත්‍යානුකූලව බවට සොලිසිටර් ජනරාල්වරයා විසින් නිගමනය කර තිබෙනවා.

ඒ අනුව ඕනෑම ඇමති ධුරයක රහසිගතව කටයුතු කිරීමට අගමැතිවරයා ලෙස ඔහුට බලතල පැවති බවටයි සොලිසිටර් ජනරාල්වරයා විසින් වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් වෙත ලබාදී ඇති වාර්තාවේ සඳහන් වන්නේ.

ස්කොට් මොරිසන්ගේ ක්‍රියාව නීති විරෝධී යැයි නිගමනය කිරීමට ඔස්ටේ්‍රලියානු නීතිය යටතේ කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවද සොලිසිටර් ජනරාල්වරයා විසින් යොමුකර ඇති වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

කෙසේවෙතත් වගකීම් සහගත රජයක කටයුතු සිදුවන ආකාරය පිළිබඳ කිසියම් අපැහැදිලිභාවයක් ස්කොට් මොරිසන්ගේ රහසිගත දිවුරුම්දීම හරහා නිරූපණය වන බවද සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී තිබෙනවා.

අගමැතිවරයෙකුට රහසිගතව ඇමති ධුරවල දිව්රුම්දිය නොහැකි පරිදි නීති සංශෝධනයක් සිදු කිරිමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »