Search

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

7 වසරේ සිට 10 වසර දක්වා පාසල් ළමුන්ට ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයේ අයහපත් බලපෑම් පිළිබඳ අවබෝධය ලබා දීම මෙහි අරමුණයි.

වික්ටෝරියා හෙල්ත්හි ප්‍රධාන විධායක වෛද්‍යවරයා සඳහන් කළේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සඳහා ඇබ්බැහි වු පාසල් ළමුන්ගෙන් ලැබෙන උපදේශණ සේවා ඇමතුම් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි.

නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් සියයට 30ක් ඉලෙක්ට්‍රොනික දුම්වැටි සඳහා ඇබ්බැහිව ඇති බව හඳුනාගෙන තිබෙනවා.

ජනවාරි පළමුවන දා සිට රට තුළ තනි භාවිත ඉලෙක්ට්‍රොනික දුම්වැටි ආනයනය තහනම් කළ ද සමාජය තුළ නීති විරෝධී අලෙවිය වැඩි වශයෙන් සිදුවන බවයි වාර්තා වන්නේ.

මේ තත්වය පාලනය සඳහා පාසැල් මට්ටමින් පන්තිකාමර තුළ ළමුන් දැනුවත් කිරිමේ ප්‍රමුඛ කාර්යයක් ගුරුවරුන්ට පවතින බව අවධාරණය කරනවා.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »