මානසික ගැටලුවලට විසඳුම් ගන්න ඔස්ටේ්‍රලියානුවන් මාස 03 ක් පොරොත්තු ලේඛනවල

මානසික සෞඛ්‍ය ගැටලු හමුවේ විසඳුම් අපේක්ෂාවෙන් සිටින ඔස්ටේ්‍රලියානුවන් දහස් ගණනකට මනෝ වෛද්‍යවරයෙකු හමුවීමට මාස ගණනක් බලා සිටීමට සිදුවී ඇති බව නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

කොවිඩ් වසංගතයත් සමග රට තුළ මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක් ඇතිවීම ඊට හේතුවයි.

ඔස්ටේ්‍රලියාව තුළ උද්ධමනය ඉහළ යාම – ජීවන වියදම වැඩිවීම වැනි කරුණු හමුවේ මානසික ගැටලුවලින් පීඩා විඳින පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි පසුගියදා වාර්තා වූයේ.

ඒ අනුව විවිධ මානසික උපදේශන සේවා ලබාගන්නා පිරිස ඉහළගොස් ඇති බවද සඳහන්.

එහෙත් දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනවල රැඳී සිටීමද සිදුවීම හමුවේ ඇතැමුන්ට සති 12 ක් පමණ බලා සිටීමට සිදුවී ඇති බවද වාර්තා වනවා.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »