Woolworths තීරණයත් සමග Coles එකට එක කරයි

භාණ්ඩ වර්ග 1600 ක මිළ ගණන් පහත දැමීමට හෝ වැඩි නොකිරීමට Coles සුපිරි වෙළඳසැල් ජාලයද තීරණය කර තිබෙනවා.

ලබන වසරේ ජනවාරි අවසානය දක්වා එය බලාත්මක වනු ඇති.

මේ අනුව භාණ්ඩ වර්ග 500 ක මිළ ගණන් අඩු කෙරෙන අතර තවත් වර්ග 1100 ක පමණ මිළ වැඩි කිරීමකින් තොරව ජනවාරි අග තෙක් පවත්වාගෙන යාමට නියමිතයි.

Coles විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ආහාර ද්‍රව්‍ය ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 400 ක පමණ මිළ අඩු කරන බවට Woolworths විසින් නිවේදනය කිරීමෙන් අනතුරුවයි.

නත්තල් සමය තව කෙටි කාලයකින් එළැඹීමත් පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමත් අරමුණු කර මෙම පියවර ගන්නා බවයි Coles සඳහන් කර සිටින්නේ.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »