දැඩි ආන්දෝලනයට තුඩුදුන් චීන නෞකාව හම්බන්තොට වරායට

දැඩි ආන්දෝලනයට තුඩුදුන් චීනයට අයත් යුවාන් වැන්ග් ෆයිව් නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා.

පෙරවරු 08 ට පමණ එය ළගාවූ අතර චීන තානාපති කාර්යාලය විසින් නෞකාව පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක්ද සංවිධාන කර තිබෙනවා.

අද සිට ලබන 22 වනදා දක්වා මෙම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට ශ්‍රී ලංකා රජය පසුගිය සෙනසුරාදා දිනයේදී අවසර ලබාදුන්නා.

අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා ස්ථානගත කිරීම් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින මත භේදයට තුඩු දුන් මෙම චීන නෞකාව පසුගිය 11 වනදායි දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ.

එම නෞකාව සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවූයේ මෙම නෞකාව කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බවට ඉන්දියාව අවස්ථා කිහිපයකදී අදහස් පල කර තිබීම හේතුවෙනුයි.

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »