ලොක්ඩවුන් සමයේ වික්ටෝරියා රජය කල අමානුෂික වැඩක් එළියට

පසුගිය වසරේ ලොක්ඩවුන් පැවති සමයේ මානුෂික අවශ්‍යතා මත ප්‍රාන්ත සීමා හරහා ගමන් කිරීමට ඉල්ලු් කල අයගෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය අවසර දී ඇත්තේ සියයට 08 ක් වැනි ඉතා සුලු පිරිසකට පමණක් බව හෙළි වී තිබෙනවා.

පසුගිය වසරේ ජූලි 09 වනදා සහ සැප්තැම්බර් 14 වනදා අතරදී එවැනි අයදුම්පත් 33,252 ක් ලැබී තිබී ඇතැයි සඳහන්.

සිය ඥාතීන් රෝගාතුර වී සිටීම සහ වික්ටෝරියාවෙන් වෙනත් ප්‍රාන්තවලට පැමිණීමෙන් පසු හදිසියේම ප්‍රාන්ත සීමා වසා දැමීම නිසා රැඳී සිටීමට ස්ථානයක් නොමැතිවූවන් ද මේ අතර වනවා.

අදාළ අවසරපත් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව බවටයි ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරිය නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ.

පැය 12 ක් වැනි කෙටි කාලයක් දීමෙන් පමණක් වික්ටෝරියා ප්‍රාන්ත රජය ප්‍රාන්ත සීමා වසා දැමීම හමුවේ තමන් දැඩි අපහසුතාවයකට ලක්වූ බවයි ප්‍රාන්තවාසීන් සඳහන් කර තිබුණේ.

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »