Aged Care ආශ්‍රිත කොවිඩ් ආසාධිතයන් 10,000 සීමාවට

ඔස්ටේ්‍රලියාවේ Aged Care මධ්‍යස්ථාන ආශ්‍රිතව මේ වනවිට කොවිඩ් ආසාධිතයන් 9,906 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඔවුන් කොවිඩ් පොකුරු 1,064 කට අයත්.

මින් 6,360 ක් නේවාසිකයන් වන අතර 3,546 ක් කාර්ය මණ්ඩලය වනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් පොකුරු 344 ක් වාර්තා වන අතර මෙරට වැඩිම කොවිඩ් පොකුරු ප්‍රමාණය ලෙසයි එය වාර්තා වන්නේ.

ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් පොකුරු 231 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් පොකුරු 218 ක්ද දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් 127 ක්ද බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් 96 ක්ද වාර්තා වනවා.

මේ අතර අද සිට සෑම Aged Care මධ්‍යස්ථානයකම පදිංචිකරුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ එන්නත් දත්ත සතිපතා ප්‍රකාශයට පත් කරනු ඇති.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »