නිවු සවුත් වේල්ස් රජය වසරකට මහා මාර්ගවලින් ඩොලර් බිලියන 02 ක් උපයයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග රථවාහන ගාස්තු (toll) හරහා ප්‍රන්ත රජය වසරකට උපයන මුදල ඩොලර් බිලියන 02 කට අධික බව නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

දිනකට ගාස්තු අය කෙරෙන ගමන් වාර ලක්ෂ 10 ක් පමණ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක බවයි මෙමගින් හෙළිකර ඇත්තේ.

මේ අතර දැනට සිදුකෙරෙමින් පවතින ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධ තොරතුරු නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ලබාදීම පැහැර හැර ඇති බවටද චෝදනා එල්ලවනවා.

ඒවායෙහි වටිනාකම ඩොලර් බිලියන 100 ක් පමණ වනු ඇතැයිද අද නිකුත් වූ වාර්තාවේ දැක්වෙනවා.

මෙම මුදල්ද ජනතාව ගෙවන බදු මුදල් වන බැවින් ඒවා වියදම් වන ආකාරය දැන ගැනීමට ඔවුන්ට අයිතියක් ඇති බවයි එම වාර්තාව පෙන්වා දී ඇත්තේ.

වැඩිම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

පසුගිය වසරේ බදු වැඩිවීමෙන් ඔස්ට්‍රේලියානු කම්කරුවන් දැඩි පීඩාවකට පත් වූ බව ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »