‘දනිෂ් අලි’ ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල අයෙක් ?

කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානයක සිටියදී අත්අඩංගුවට ගන්නා ලද අරගලයේ ක්‍රියාකාරියෙකු වන ‘දනිස් අලි’ නැමැත්තා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල අපරාධකාරයෙක් යයි සමාජ ජාල වල වාර්තා පළ කර ඇත.

ඒ සම්බන්ධයෙන් තොරතුරු පළ කරන අයෙකු සඳහන් කර ඇත්තේ දනිස් අලි ඕස්ට්රේලියාවට ශිෂ්‍ය වීසා මගින් ගොස් වීසා කොන්දේසි කඩ කරමින් වසරක් සැඟව සිට ඇති බවත් ඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇති බවත්ය.

මොහු අයිස් නැමති මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බවත් තවත් අයෙකු සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවත් දක්වා ඇත.

(මෙම පුවතට අඩංගු කරුණු ශ්‍රී ලංකාවේ හෝ ඔස්ටේ්‍රලියාවේ බළධාරීන් විසින් මේ දක්වා තහවුරු කර නොමැති අතර ට්විටර් සමාජ ජාලයේ පළවී ඇති වාර්තා මත පමණක්ව සිදුකරන ලද වාර්තාකරණයක් බව සළකන්න)

SOURCE :

https://twitter.com/AchiEdiriweera/status/1552058895534678016?s=20&t=MNML23umhU7PhBJLluWWbQ

https://twitter.com/AchiEdiriweera/status/1552060211677908992?s=20&t=MNML23umhU7PhBJLluWWbQ

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »