වසර 02 කට පසු ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ පහළට

වසර 02 කට පසු ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් පහළ ගොස් තිබෙනවා.

පසුගිය කාර්තුවට වඩා එහි පහළයාම සියයට 0.9 ක් බවයි සංඛ්‍යාලේඛණ පෙන්වා දෙන්නේ.

සිඩ්නි සහ මෙල්බන් නගරවල පමණක් නිවාස මිළ ගණන් අඩුවී අනෙක් නගරවල මිළ ගණන් ඉහළ ගොස් ඇතත් ජාතික වශයෙන් සැළකීමේදී නිවාස මිල පහළයාමකුයි සටහන් වන්නේ.

ඒ අනුව දැනට ඔස්ටේ්‍රලියාවේ නිවසක සාමාන්‍ය මිල ලෙස සටහන් වන්නේ ඩොලර් මිලියන 1.065 ක් ලෙසයි.

තවදුරටත් ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ වැඩිම නගරය බවට සිඩ්නි පත්ව සිටින අතර අඩුම නගරය ලෙස ඩාර්වින් සටහන් වනවා.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »