ඔස්ටේ්‍රලියානු ආර්ථිකය අවපාතයක ? – පටි තද කරගන්නැයි දැනුම්දීමක්

ඉදිරි වසර 02 ක කාලය ඉතා දුෂ්කර වනු ඇතැයි ඔස්ටේ්‍රලියා මුදල් අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.

ආහාර ඇතුලු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ගණන් එහිදී කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවයි ඔහු කියාසිටියේ.

උද්ධමනය සියයට 07 ක් නොවීම වළක්වා ගැනීම අසීරු වනු ඇති බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

ඔහු මේ බව පැවසුවේ ඉහළ යන උද්ධමනයට සාපේක්ෂව වැටුප් ඉහළ නොදැමීම පිළිබඳ පාර්ශව ගණනාවක් කර ඇති විමසීම් පිළිබඳ ප්‍රතිචාර දක්වමින්.

ජූලි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු ආර්ථික තත්වය පිළිබඳ වාර්තාවද ජිම් චාමර්ස් විසින් අද ලබාදීමට නියමිතව තිබුනා.

මේ අතර සෙනෙට් සභික ජැකී ලැම්බි පවසන්නේ ඔස්ටේ්‍රලියාව මේ වනවිට ආර්ථික අවපාතයක් කරා ගමන් කරමින් සිටින බවයි.

උදාහරණයක් ලෙස ඇය පෙන්වා දී ඇත්තේ කලකට පෙර ඉතා සුලු මිළ ගණන් යටතේ අලෙවි වු ඇතැම් ආහාර අද වනවිට සුඛෝපභෝගී සහ බොහෝ පිරිසකට මිළයට ගත නොහැකි තත්වයකට පත්ව ඇති බවයි.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »