රනිල් වැඩ අල්ලයි – ගාලු මුවදොර අරගල භූමියට ප්‍රහාරයක්

ගාලු මුවදොර අරගල භූමියට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් එහි සිටි විරෝධතාකරුවන් සහ කූඩාරම් ඉවත් කිරීමට යාමේදී දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

අද අලුයම 01 යි 30 ට පමණ යුධ හමුදා – ගුවන් හමුදා – පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් විශාල පිරිසක් අරගලභූමියට කඩා වැදී තිබුණා.

එහිදී දෙපිරිස අතර දැඩි උණුසුම් තත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් මෙහිදී කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මාධ්‍යවේදීන් සහ නීතීඥයන් ඇතුලු පිරිසකටද පහරදීමක් සිදුව ඇති බවද සඳහන්.

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »