LIVE : ජනපති තෝරන ඡන්දය ඇරඹේ

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදි දැන් ආරම්භ වී තිබෙනවා.

ඡන්ද විමසීම සදහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 03 ක්.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ / පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම අපේක්ෂකයන් තුන් දෙනායි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයක් මගිනුයි මින් එක් අපේක්ෂකයෙකු තෝරා ගැනෙන්නේ.

දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකු ලබා නොමැතිනම් මෙම කටයුතු තවත් දීර්ඝ වනවා.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »