විමල් – ගම්මන්පිල – වාසු සහය ඩලස්ට

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සදහා හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදි ඩලස් අලහප්පෙරුම මහතාට සහය දීමට ස්වාධීන පක්ෂ එකමුතුවේ නියෝජිතයන් තීරණය කර තිබෙනවා.

එහි නියෝජිතයන් කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී සිය පක්ෂය ගෙන ඇති තීරණයට අනුව

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී බී චානක පවසනවා.

සිය පක්ෂයේ තරුණ පෙරමුණ ඊයේ රැස් වූ අවස්ථාවේදී එම තීරණයට එළඹුණු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »