ලංකාවේ පවුල් 10 කින් 03 ක් මීලග ආහාර වේල ලැබීම පිළිබඳ අවිනිශ්චිත තත්වයක

ඉහළ යන උද්ධමනය සහ ආහාර මිළ ගණන් හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියන 6.26 ක් හෙවත් සෑම පවුල් 10 කින් 03 ක් මීලග ආහාර වේල ලැබීම පිළිබඳ අවිනිශ්චිත තත්වයක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධිනය පවසනවා.

ඔවුන් මේ බව පෙන්වා දෙන්නේ ලෝක ආහාර සංවිධානය ඊයේ නිකුත් කල නවතම ආහාර සුරක්ෂිතතා වාර්තාව පදනම් කරගෙනයි.

සමස්ත පවුල්වලින් සියයට 61 ක් ආහාර වියදම් කපා හැරීමට පෙළඹී ඇති බවද පෝෂණීය ආහාර ගැනීම සහ ආහාර ප්‍රමාණය අඩු කර ඇති බවද මෙම වාර්තාවේ ඇතුළත්.

ඉදිරියේදී තත්වය තවත් උග්‍ර වුවහොත් නිරාහාරව සිටින අඩු ආදායම් පවුල් සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි ලෝක ආහාර වැඩසටහන අවධාරණය කරන්නේ.

විශේෂයෙන් ගැබිණි මවුවරුන් හා ළමුන්ට මෙම තත්වය සුභදායක නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

මෙය මානුෂික ව්‍යසනයක් බවට පත් නොවීම සඳහා වහා පියවර ගත යුතුව ඇති බවයි ලෝක ආහාර වැඩසටහන අවධාරණය කරන්නේ.

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »