තනි රටකින් ලංකාවට දුන් වැඩිම මානුෂීය ආධාර මුදල ඔස්ටේ්‍රලියාවෙන්

ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රණල ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඔස්ටේ‍රලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග අද පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදීයි ඔහු මේ බව සඳහන් කළේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටලූව පිළිබඳ ඕස්ට්‍රේලියාව මනා අවබෝධයෙන් පසුවන බව මෙහිදී සඳහන් කෙරුණා.

තනි රටක් මෙරටට ලබාදුන් වැඩිම මානුෂීය ආධාර මුදල ලෙස ඩොලර් මිලියන 50 ක් එරටින් පිරිනැමුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඉදිරියටත් අනිකුත් ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කලා.

නාවික හා නීතිවිරෝධි සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇති අවබෝධතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් වූ අතර ඕස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව හොලි සඳහන් කලා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »