ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීම අද සිට අලුත් වෙයි

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව යටතේ ගමන් බලපත් ලබා දීම අද සිට තවත් දිස්ත්‍රික් තුනක ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව වවුනියාව, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කාර්යාලවල එක්දින සේවාව ආරම්භ කෙරෙනු ඇති.

දැනට එක්දින සේවාව ක්‍රියාත්මක වන්නේ කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පමණයි.

මෙහි පළමු අදියර ලෙස එක් එක් ප්‍රාදේශීය කාර්යාල සදහා එක් දින සේවය වෙනුවෙන් කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගත් අයදුම්කරුවන් 100 දෙනෙකු සදහා පමණක් මෙම සේවාව සපයන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රාදේශීය කාර්යාලය වෙත අයදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගත හැකියි.

මාතර – වවුනියාව සහ මහනුවර ප්‍රාදේශීය කාර්යාල මගින් සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත් ලබාගැනීම සඳහාද මේ වනවිට අයදුම්කරුවන් වෙත දින හා වේලාවන් ලබාදී ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කලා.

එබැවින් අදාළ කාර්යාල වෙත කලින් දින හා වේලාවන් වෙන් කර නොගත් අයදුම්කරුවන් අයදුම්පත් භාරදීම සඳහා නොපැමිණෙන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීමට අයදුම්පත් භාරදීම සඳහා ඉදිරි දින 60 ක කාලසීමාව සඳහා දින හා වේලාවන් වෙන් කර අවසන් කර තිබෙනවා.

එබැවින් කඩිනමින් විදෙස් රැකියාවක් සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටින අයදුම්කරුවන් 070 යි 63 යි 11 යි 711 යන දුරකථන අංක වෙත වට්ස්ඇප් පණිවිඩයක් මගින් යොමු කිරීමෙන් අයදුම්පත් භාරදීම සඳහා කඩිනමින් දිනයක් හා වේලාවක් වෙන් කරවා ගත හැකියි.

මෙසේ කඩිනමින් දින හා වේලාවන් ලබාදීමට කටයුතු කරනු ලබන්නේ අදාල ලියකියවිලිවල නිරවද්‍යතාවය තහවුරු කරගැනීමෙන් පසුව බවද ආගමන විගමන පාලක ජනරාල්වරයා දැනුම් දෙනවා.

මේ අතර කොන්සියුලර් සේවා සඳහා පවතින විශාල ඉල්ලූම පිළිබඳව සලකා බලා, ඒ හා සම්බන්ධ මහජන අවශ්‍යතා සපුරාලීම පිණිස අද සිට සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා සියලූම දිනවල දී කොන්සියුලර් කටයුතු අංශය මහජනයා සඳහා විවෘතව පවතින බව විදේශ අමාත්‍යංශය සඳහන් කලා.

යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද ඒ අන්දමින්ම කටයුතු කරනු ඇති.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »