ඉහළ යන වික්ටෝරියා අපරාධ මඩින්න විශේෂ බලකායක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ පැතිර යන සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය සඳහා ප්‍රාන්ත පොලිසිය විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අපරාධ මර්දනය සඳහාම විශේෂයෙන් පුහුණුකල පොලිස් බලකායක් වන VIPER කාර්ය සාධක බලකාය ලබන සඳුදා සිට වික්ටෝරියා වීථි පුරා අනුයුක්ත කෙරෙනු ඇති.

අපරාධ විශේෂඥයන් – බුද්ධි නිළධාරීන් – හදිසි ප්‍රතිචාර නිළධාරීන් ඇතුලු ක්ෂේත්‍ර රැසක පොලිස් නිළධාරීන් මෙම බලකායට ඇතුළත්.

මෙල්බන් ඇතුලු වික්ටෝරියා ප්‍රදේශ ගණනාවක් මෑත කාලීනව වෙඩි තැබීම් සහ විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළයාමක් දක්නට ලැබෙනවා.

එය පාලනය කිරීමයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසියේ සැළසුම වී ඇත්තේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »