හිටපු අගමැති මහින්ද රෝහල්ගත වූ පුවත බොරුවක්

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සුවෙන් පසුවන බව ඔහුගේ මාධ්‍ය ඒකකය තහවුරු කරනවා.

රාජපක්ෂ මහතා රෝහල්ගත වූ පුවත අසත්‍යයක් බවයි ඔහුගේ මාධ්‍ය ඒකකය සදහන් කලේ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැඩි රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සඳහන් කරමින් අද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වුණා.

මේ සම්බන්ධයෙන් අප හිටපු අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙලෙස පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වය පසු වන බවත් ඔහුගේ දෛනික රාජකාරි කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන යන බවත් ඔහු තහවුරු කළා.

https://twitter.com/CassilingamG/status/1542409243361513472?s=20&t=Wf11k9siYcgg9T0b0sOhpA

https://twitter.com/CitizenChecked/status/1542418552082370561?s=20&t=Wf11k9siYcgg9T0b0sOhpA

 

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »