අමරිකාවෙන් ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සදහා ඩොලර් මිලියන 20 ක ආධාරයක්

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සදහා තවත් අමතර ඩොලර් මිලියන 20 ක ආධාරයක් ලබා දීමට අමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන ජී 07 රාජ්‍ය නායක සමුලුවේදී ඔහු මේ බව නිල වශයෙන් නිවේදනය කර ඇති බවයි කොළඹ අමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ.

වත්මන් ආර්ථික අර්බුදය තුළ වඩාත් අවශ්‍යතා ඇති ලාංකිකයන් මෙහිදී ඉලක්ක කිරීමට නියමිතයි.

ඉදිරි මාස 15 තුළ ලාංකික දරුවන් ලක්ෂ 08 කට වැඩි පිරිසකට ආහාර ලබාදෙන පෝෂණ වැඩසටහනකට සහය වීම / 27 000 කට අධික ගර්භනී සහ කිරිදෙන මව්වරුන් සදහා ආහාර වවුචර් ලබා දීම / ගොවීන් 30 000කට උපකාර කිරීම මෙම මුදල් හරහා සිදුකිරීමට නියමිතයි.

මෙම මුදලත් සමග පසුගිය 16 වනදා සිට අමරිකාව විසින් ශ්‍රී ලංකාවට පිරිනැමීමට එකග වූ මුලු ආධාර ප්‍රමාණය ඩොලර් මිලියන 32 දක්වා ඉහළ යනු ඇති.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »