ලාංකික කතුනට රට යන්න තිබූ තහංචියක් ඉවතට

වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ගෘහ රැකියා සඳහා විදේශගත කාන්තාවන් විදේශගතවීමේදී ඔවුන්ට වයස අවුරුදු 5ට අඩු දරුවන් නොසිටින බව තහවුරු කරගැනීම සඳහා ‘පවුල් පසුබිම් වාර්තාවක්’ ඉදිරිපත් කිරීම අනිවාර්යයි.

එයින් කාන්තා අයිතිවාසිකම් කෙරෙහි බලපෑමක් සිදුවන බවට කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කර ඇති අන්තර්ජාතික වාර්තා කිහිපයකින්ම පෙන්වා දී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ඇතැම් අවස්ථාවලදී එම වාර්තාව ලබාගැනීම සඳහා සුදුසුකම් සපුරා තිබුණ ද ඇතැම් නිලධාරීන් විවිධ හේතු මත එම වාර්තා ප්‍රමාද කරමින් අදාළ කාන්තාවන් අපහසුතාවයට පත්කරන බවට කරුණු ඉදිරිපත් වී ඇති බවත්, එමෙන්ම අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට සුදුසුකම් නොමැති කාන්තාවන් ද නීති විරෝධී ආකාරයෙන් විදේශගත වී විවිධ ගැටලුවලට මුහුණ පා ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන අදාළ තීරණය ගෙන ඇත.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »