ලංකාවට තෙල් ගේන්න තවත් සමාගම්වලට අවසර

ඉන්ධන නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ආනයනය කර බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඔවුන් මුල් මාස කිහිපය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හෝ මෙරට බැංකුවලින් විදේශ විනිමය අවශ්‍යතා අපේක්ෂා නොකල යුතු බවයි ට්විටර් සටහනක් තබමින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කලේ.

විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් අදාළ සමාගම් තෝරා ගනු ලබන අතර දිවයින පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 1190 හරහා අදාළ ඉන්ධන බෙදා හැරීමට නියමිතයි.

මේ අතර ගුවන් යානා ඉන්ධන ආනයනය – සැපයීම සහ අලෙවිය සඳහා නව සැපයුම්කරුවන් වෙත අවසර දීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සහ මෙරටින් පිටත්ව යන ගුවන් යානා සඳහා දිනකට ගුවන් යානා ඉන්ධන ලීටර් ලක්ෂ 12 ක් පමණ අවශ්‍ය වන අතර එම අවශ්‍යතාවය සපුරාලීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට නොහැකිවීම සැළකිල්ලට ගෙනයි කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »

මෙල්බන් සරසවියේ කඳවුරු බැඳපු සිසුන්ට අනතුරු ඇඟවීමක්

විරෝධතා නතර කර සරසවි ගොඩනැගිලිවලින් ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට සිදුවන බවට මෙල්බන් විශ්ව විද්‍යාලයේ විරෝධතාවයේ නිරත පලස්තීන හිතවාදී සිසුන්ට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Read More »

හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය අතරින් පළමු තැන ඔස්ට්‍රියාවට

යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය ශ්‍රේණිගත කිරීම් අතර ඔස්ට්‍රේලියානු ගුවන් සේවා කාර්ය මණ්ඩලය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »