සිඩ්නි දුම්රිය රියදුරන් වර්ජනයක – දුම්රිය වාර සියල්ල ප්‍රමාදයි

අඛණ්ඩව දෙවන දිනයටත් සිඩ්නි නගරයේ වැඩ වර්ජන සහ විරෝධතා අදත් ක්‍රියාත්මකයි.

දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති වර්ජනය හමුවේ දුම්රිය වාර සියල්ලම ප්‍රමාද විය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

සිඩ්නි දුම්රිය සේවකයන්ගෙන් සියයට 75 ක් පමණ මෙම වර්ජනයට එක්ව සිටිනවා.

ධාවනයට යොදවා ඇති දුම්රියන් පැයට කිලෝමීටර් 60 කට වැඩි වේගයෙන් ධාවනය කෙරෙන්නේද නැහැ.

මේ අතර වැටුප් සහ සේවා පහසුකම් ඉහළල දමන්නැයි ඉල්ලා නිවු සවුත් වේල්ස් හි හෙදියන්ද අද වර්ජනයක නිරත වනවා.

ප්‍රාන්ත රජය විසින් සියයට 03 ක වැටුප් වැඩිකිරීමක් දීමට එකග වී ඇති නමුත් සේවක ඉල්ලීම වන්නේ සියයට 4.75 ක වැටුප් වැඩිකිරීමක් ලබාගැනීමයි.

වසර 25 කට පමණ පසු සිඩ්නි ගුරුවරුන් ද මෙම සතියේදී සේවයෙන් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනු ඇති.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »