ඔස්ටේ්‍රලියාවේ Aged care ක්ෂේත්‍රයට වාර්ෂිකව සේවකයන් 65,000 ක් අහිමිවෙයි

වාර්ෂිකව ඔස්ටේ්‍රලියාවේ Aged care ක්ෂේත්‍රයට සේවකයන් 65,000 ක් පමණ අහිමිවන බව නවතම වාර්තාවක් හෙළි කරනවා.

පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා පමණක් සේවකයන් 18,000 ක් පමණ රැකියා අතහැර ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ.

දැනට සිටින සේවක සංඛ්‍යාව සැළකීමේදී අවශ්‍ය කරන සංඛ්‍යාවට වඩා 35,000 ක පමණ හිගයක් පවතින බව සඳහන්.

මෙම වසර මුළදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වූයේ ඔස්ටේ්‍රලියාවේ Aged care ක්ෂේත්‍රයේ සිටින සෑම සේවකයන් 05 දෙනෙකුගෙන් අයෙකුම මෙම වසර තුළදී සේවය අතහැර යාමට කැමැත්තෙන් පසුවන බවයි.

වෙනත් ක්ෂේත්‍රයකට යොමුවුව හොත් වැඩි වැටුප් ලබාගත හැකි බවට වන මතය ඊට හේතුවයි.

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »