අගමැති ඇල්බනීස්ට ලංකාවේ සංචාරයකට යන්නැයි ඉල්ලීමක්

අනවසර සංක්‍රමණික ගැටලුව විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ මානුෂීය තත්වය පිළිබඳ විමසා බැලීමට වහා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නැයි ඡායා කැබිනෙට්ටුවේ සංක්‍රමණ අමාත්‍ය ඩෑන් ටෙහාන් විසින් අගමැති ඇන්තනී ඇල්බනීස් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අගමැතිවරයා අද කල ප්‍රකාශයෙන් අනතුරුවයි.

බෝට්ටු මගින් ශ්‍රී ලංකාවෙන් නීති විරෝධීව පැමිණෙන කිසිවෙකුත් ඔස්ටේ්‍රලියාව තුළ පදිංචි නොකරන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අද අවධාරණය කලා.

ඒ සම්බන්ධයෙන් වත්මන් රජයේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිලි බවත් දේශ සීමා ආරක්ෂණය පුලුල්ව ක්‍රියාත්මක බවත් මෙල්බන් නුවර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලා.

මෙලෙස පැමිණෙන අයගෙන් බහුතරයක් ස්ථිර පදිංචිය ලැබේ යැයි වැරදි වැටහීම් මත පැමිණෙන අය බවයි අගමැතිවරයා කියාසිටියේ.

කෙසේවෙතත් කිසිදු ලිහිල් කිරීමක් සිදුකර නොමැති අතැර දැඩි පියවර අඛණ්ඩව අනුගමනය කෙරෙන බවයි ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »