නිවු සවුත් වේල්ස් දිනකට පැය 02 ක විදුලි කප්පාදුවක් එන ළකුණු

ඔස්ටේ්‍රලියාවේ විශාලම නගරය වන සිඩ්නි නගරයද අයත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාසවල අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්නැයි බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේ නොවුණහොත් දිනකට පැය 02 ක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවනු ඇති බවටයි ඔහු අනතුරු අගවා සිටින්නේ.

විදුලිය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයිද බලශක්ති අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු දන්වා ඇත්තේ පස්වරු 06 ත් රාත්‍රී 08 ත් අතර හැකිතාක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.

ඔස්ටේ්‍රලියාව තුළ මාස 03 ක පමණ සිට පැවති බලශක්ති අර්බුදය මේ වනවිට උච්ඡ තත්වයකට පත්ව තිබෙනවා.

ඔස්ටේ්‍රලියාව ලොව ප්‍රධානතම ගල් අගුරු අපනයනකරුද වන අතර ගල් අගුරු භාවිතයෙන් විදුලිය නිපදවීමත් පුනර්ජනනීය බලශක්තිය සඳහා යොමු නොවීමත් මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »