ලංකාවෙන් හොර පාරෙන් රට පනින්න ගිය තවත් 64 ක් අල්ලයි

NAVY BOAT

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 64 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත යාත්‍රාවක් විසින් අද අලුයම ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදීයි සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර ඇත්තේ.

එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි ජාවාරම්කරුවන් හත් දෙනෙකු ඇතුලු පිරිමි පුද්ගලයන් 50 ක්, කාත්තාවන්

11 ක්, ළමුන් 03 ක් ලෙස වයස අවුරුදු 02 ත් 55 ත් අතර වයසේ පසුවන 64 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම පිරිස, ත්‍රිකුණාමලය, මුලතිව් සහ යාපනය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතයි.

NAVY BOAT NAVY BOAT NAVY BOAT

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »

අසභ්‍ය වෙබ් අඩවිවලින් ළමයින් බේරා ගන්න අලුත් වැඩක්

කුඩා ළමයින් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශණ නැරඹීම අවම කිරීමේ අරමුණින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

ජාත්‍යන්තර සිසුන්ට ගෙනා නව නීතිවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන පෙරට එයි

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය ගෙන යන සැලැස්මට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අංශය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »