භාණ්ඩ වර්ග 200 ක් ගැන Woolworths තීරණයක් ගනී

woolworths

මෙම වසර අවසන්වන තුරු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 200 කට වැඩි සංඛ්‍යාවක මිල ඉහළ නොදැමීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

පිටි – සීනි – බිත්තර – තේ – කෝපි – චීස් – බේකන් වැනි ද්‍රව්‍ය ගණනාවක් ඒ අතර වනවා.

විශේෂයෙන් එලවලු සහ පළතුරු මිළ ගණන් ඉහළයාම පාලනය කල නොහැකි නමුත් ඉන් බාහිර වෙනත් ද්‍රව්‍යවල මිළ හෝ යම්තාක් දුරකට වැඩි නොකර තබා ගැනීමෙන් පාරිභෝගිකයන්ට සහනයක් සැළසීමයි Woolworths හි අරමුණ වී ඇත්තේ.

ඔස්ටේ්‍රලියාවේ දළ උද්ධමනය මේ වනවිට සටහන් වන්නේ සියයට 5.1 ක් ලෙසයි.

කෙසේවෙතත් එය අමෙරිකාව – ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍යය වැනි රටවල් හා සැසඳීමේදී අඩු අගයක් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »