පළමු එක්දින තරගයෙන් ඔස්ටේ්‍රලියාවට කඩුලු 02 ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 02 ක ජයක් හිමිකර ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 07 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 300 ක්.

කුසල් මෙන්ඩිස් නොදැවී 86 යි.

පැතුම් නිස්සංක 56 ක්ද – ධනුෂ්ක ගුණතිලක 55 ක්ද – චරිත් අසලංක හා වනිඳු හසරංග 37 බැගින්ද ලබාගත්තා.

ඔස්ටේ්‍රලියා පිළිතුරු ඉණිමේදී වර්ෂාවෙන් බාධා එල්ලවීම හමුවේ ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 44 කදී තරගය ජයගැනීමට ඔවුන්ට හිමිවූ ඉලක්කය ළකුණු 282 ක්.

එය පන්දුවාර 42 යි පන්දු 03 කදී සපුරා ගැනීමට ඔවුන් සමත්වුණා.

තරගයේ වීරයා වූ ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී 80 යි.

ස්ටීවන් ස්මිත් 53 ක්ද ඒරන් ෆින්ච් හා මාර්කස් ස්ටොයිනිස් ළකුණු 44 බැගින්ද ලබාගත්තා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග ළකුණු 58 කට කඩුලු 04 ක්ද සිය පළමු එක්දින තරගයට ක්‍රීඩා කල දුනිත් වෙල්ලාලගේ ළකුණු 49 කට කඩුලු 02 ක් ද බිඳහෙලුවා.

දෙරට අතර දෙවන එක්දින තරගය 16 පල්ලේකැලේ හිදී පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »