Tax return අයදුම් කිරීමේදී කොවිඩ් පරික්ෂණ කට්ටල වියදම් ආපසු ගැනීමටද අවස්ථාව

RAPID ANTIGEN

ජූලි පළමුවනදායින් පසු සඳහා tax return අයදුම් කිරීමේදී කොවිඩ් 19 පරික්ෂණ කට්ටල සඳහා වැයවූ වියදම් ආපසු ලබාගැනීමටද අවස්ථාව උදා වී තිබෙනවා.

කෙසේවෙතත් එය තමන් විසින්ම මිළයට ගත් බව ඔප්පු කල යුතු අතර සේවායෝජකයා විසින් ලබාදුන් එකක් නොවන බව තහවුරු කල යුතු වනවා.

රැකියා කටයුතු සඳහා මිලයට ගත් රැපිඩ් කට්ටලයක් සඳහා පමණක් මෙලෙස tax return අයදුම් කල හැකි අතර වෙනත් කිසිදු කරුණකට මිළදී ගත් රැපිඩ් කට්ටල ඊට වලංගු වන්නේ නැහැ.

මීට අමතරව පාරිභෝගිකයන් සමග සමීපව කටයුතු කිරීම හමුවේ කොවිඩ් වැළඳී දැරීමට සිදුවූ සම්බන්ධ තවත් වියදම් ගණනාවකට අදාළව වැයකල මුදල් ආපසු ලබාගැනීමටද සේවකයන්ට අවස්ථාව උදාවී තිබෙනවා.

retail, cleaning සහ hospitality යන ක්ෂේත්‍ර ඊට යටත් වනවා.

මෙල්බන් සරසවියේ කඳවුරු බැඳපු සිසුන්ට අනතුරු ඇඟවීමක්

විරෝධතා නතර කර සරසවි ගොඩනැගිලිවලින් ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට සිදුවන බවට මෙල්බන් විශ්ව විද්‍යාලයේ විරෝධතාවයේ නිරත පලස්තීන හිතවාදී සිසුන්ට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Read More »

හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය අතරින් පළමු තැන ඔස්ට්‍රියාවට

යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය ශ්‍රේණිගත කිරීම් අතර ඔස්ට්‍රේලියානු ගුවන් සේවා කාර්ය මණ්ඩලය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »