ගාල්ලේ ලංකා – ඔස්ටේ්‍රලියා ටෙස්ට් තරගය ශේන් වෝන් වෙනුවෙන් වෙන් කරයි

ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ටෙස්ට් තරගය හිටපු ප්‍රවීණ ක්‍රීඩක ශේන් වෝන් වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සංචාරක අමාත්‍යංශය එක්ව ඊට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

ශේන් වෝන් ගේ පවුලේ සමාජිකයන්ද මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පැමිණෙන බවට ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී විසින් තහවුරු කර ඇති බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කලා.

මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ මුල් තරග කිහිපය ඔස්ටේ්‍රලියා වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ට අහිමිවී තිබෙනවා.

ඒ පළමු පන්දුවාර 20 තරගයේදී ඔහු ආබාධයකට ගොදුරුවීම හේතුවෙනුයි.

ඇතැම්විට සමස්ත එක්දින තරගාවලියම මිචෙල් ස්ටාර්ක්ට අහිමිවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

දෙරට අතර පළමු එක්දින තරගය අනිද්දා පල්ලේකැලේ හිදී පැවැත්වීමට නියමිතයි.

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »