මෙල්බන් කොන්සල් කාර්යාලය ඩිජිටල්කරණයත් සමග කොන්සියුලර් සේවා වේගවත් කරයි

ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් කොන්සියුලර් සේවා කටයුතු වේගවත් කිරීමට මෙල්බන් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ඒ මෑතකදී හඳුන්වා දෙනු ලැබූ නව කොන්සියුලර් සේවා කළමණාකරණ මෘදුකාංගයේ උපකාරය ඇතිවයි.

වික්ටෝරියා – දකුණු ඔස්ටේ‍රලියා සහ ටස්මේනියා හි වාසය කරන දහස් ගණනක් වන ලාංකිකයන්ට මෙමගින් පහසුකම් සැළසෙන බවයි මෙල්බන් කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා පෙන්වා දෙන්නේ.

වියදම් අඩුකරගනිමින් වඩාත් උසස් – ගුණාත්මක සහ ඉහළ සේවාවක් ලබාදීමට මෙමගින් අවස්ථාව උදාවනවා.

මාසයකට කොන්සල් කාර්යාලය වෙත ලැබෙන ගමන් බලපත්‍ර අයදුම්පත් ගණන 150 ක් පමණ වන අතර – උප්පැන්න ලියාපදිංචි කිරීම් 50 ක් – සහතික කිරීම් 100 ක් – ද්විත්ව පුරවැසි අයදුම්පත් 100 ක් පමණද ලැබෙන බව සඳහන්.

කුඩා කාර්ය මණ්ඩලයක් සහිතව මෙම කටයුතු පවත්වාගෙන යාමේදී එම කටයුතු සරළ වීමත් – තමන්ගේ අයදුම්පතෙහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ තමන්ටම දැන ගැනීමට හැකිවීමත් – කලින් වේලාවක් වෙන් කරවා ගැනීමට හැකවීමත් නව පද්ධතියේ ඇති සුවිශේෂී ලක්ෂණයි.

විදේශයක පිහිටා ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලයක් විසින් මෙවැනි මෘදුකාංගයක් භාවිත කරන පළමු අවස්ථාව මෙය වන අතර ලාංකික සමාගමක් විසින් එය නිර්මාණය කර තිබීමද විශේෂත්වයක්.

කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා ගේ මෙහෙයවීමෙන් මෙම සියලු කටයුතු සිදුකරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා රජයේ මිළදී ගැනීම් පිළිබඳ ක්‍රමවේදයන්ට පූර්ණව අනුගත වෙමිනුයි.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »