වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති කඩ කරමින් (5km සීමාව​) සංචාරයේ යෙදුනු නිවෙස් 5ක් Casey නගර සීමාව තුලින් හමුවේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති කඩ කරමින් (5km සීමාව​) සංචාරයේ යෙදුනු නිවෙස් 5ක් Casey නගර සීමාව තුලින් හමුවේ.
Casey coronavirus cluster centres on five Melbourne households that broke the 5km limit and home-visit rules

වික්ටෝරියා හි Casey නගර සීමාව ඇතුලත​ Hallam, Clyde, Narre Warren South සහ​ Cranbourne North යන නගරයන් තුල පිහිටා ඇති නිවෙස්​ පහක පදිංචිකරුවන් ඔවුන්ගේ නිවසේ සිට කිලෝමීටර් 5 ක සීමාව කඩ කරමින් එකිනෙකා මුණගැසී​ නීති කඩ කළ බව වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.

මෙම නීති උල්ලංගනය කිරීම නිසා කොරෝනා රෝගීන් 34 ක් දැනට Casey නගර සීමාව ආශ්‍රිතව වාර්තා වී තිබේ.

තවදුරටත් සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම කොරෝනා ආසාදිතයින් Dandenong, Casey සහ Fountain Gate Shopping Centre හි සැරිසා ඇති බවයි.

Casey ප්‍රදේශ වාසීන් හට​ COVID-19 රෝග ලක්ෂණ ඇත්නම් පරීක්ෂා කර බලන ලෙස සෞඛ්‍ය නිලධාරීන් ඉල්ලා සිටී.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »