බැසිල්ට සනත්ගෙන් දෝස්මුරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ඊයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රීඩක සනත් ජයසූරිය සිය අප්‍රසාදය පළකරනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ සිනාමුසුව මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ විසින් අදහස් දැක්වීම කිසිසේත් අනුමත කල නොහැකි බවයි.

රටේ අනාගතය ඔහු විසින් විනාශ කර දමා තිබියදී මෙලෙස සැහැල්ලුව සිටින්නේ කෙසේදැයි සනත් ජයසූරිය ප්‍රශ්න කරනවා.

එහි වගකීම භාර නොගත්තේ ඇයි දැයි ප්‍රවීණ ක්‍රීඩකයා විමසා සිටිනවා.

දැන්වත් දේශපාලන ක්‍රීඩාවල යෙදීමෙන් වළකින ලෙසයි සනත් ජයසූරිය බැසිල් රාජපක්ෂට දන්වා සිටින්නේ.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »